ලක්විජය නිරීක්ෂණයට රවී යයි (ඡායාරූප)

ජන 05, 2019

    ලක්විජය ගල්අගුරු බලාගාරය කිසිඳු පරිසර ගැටළුවක් නොමැතිව ක්‍රියාත්මක වන බවත්, මින් ඉදිරියට කිසිම අවස්ථාක ගැටළුවක් නොවී එය ක්‍රියාත්මක කරවීමට සැම දෙනාගේම සහය ඇතිව කටයුතු කළ යුතු බවත්,  විදුලි හා බලශක්ති ව්‍යාපර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක පවසයි.

    නොරොච්චෝලේ ලක්විජය ගල්අගුරු  බලාගාරය මාධ්‍ය තුලින් පෙන්වා ඇති අකාරයට වෙනස් මතකයට ක්‍රියාත්මක වන බවත් ඔහු ප්‍රකාශ කළේය. ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (04) දහවල් මෙම බලාගාරය නීරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

    මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා..

    මෙය වැදගත් බලාගාරයක් රටේ වැඩි විදුලි නිශ්පාදනය වන මෙම ස්ථාන‍ෙ, අපි පත්වීමෙන් අනතුරුව මෙම නොරොච්චෝලේ බලාගාරය නැරඹිය  යුතු බව තීරණය කරළයි අපි අද අවේ.  විදුලි බලමණ්ඩලයේ දක්ෂතාවය මත, මෙහි ඇතිගැටළු නිරාකරණය කරලා තියෙනවා..මට පෙන්නන නම් ගැටළුවක් තිබ්බේ නෑ..

    අපේ එකම බලාපොරොත්තුව ජනතාව වෙනුවෙන් මේ දේවල් හොදට කරන්නේ කොහොමද කියලා... අහිංසක  පාරිභෝගිකයාට බරක් ඇති නොවන විදියට පීඩනය අඩු කරලා  කිසිම විසන්ධිවීමක් ඇති නොවන අකාරයෙන්  කටයුතු කිරීමටයි මටත් චම්පික ඇමති තුමාටත් අපි කණ්ඩායමට එකම අරමුණ, ඒසදහා සියළු දෙනොගේ සහයෝගය බලා පොරොත්තු වනවායි  රවී කරුණානායක අමාත්‍යය තුමා වැඩි දුරටත් සදහන් කළේය.

    මෙම අවස්ථාවය නියෝජ්‍ය අමාත්‍ය චම්පික ප්‍රේමදාස, පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී  හෙටර් අප්පුහාමී, ශාන්ත සිසිර කුමාර, විදුලි හා බලශක්ති ව්‍යාපර සංවර්ධන  අමාත්‍යංශ නිධාරින් සහභාගී විය.

    Ravi01

    ravi02

    ravi04

     

    Latest News