පොලිස් නිළධාරින්ට තැපැල් ඡන්දයට දින 2ක්

නොවැ 02, 2019

    2019 ජනාධිපතිවරණයට අදාළව පොලිස් නිළධාරින්ට තැපැල් ඡන්ද සලකුණු කිරිම සඳහා ලබන සදුදා සහ අගහරුවාදා යන දිනයන් වෙන් කර තිබේ.

    ඊට අමතරව එම දිනයන්හි දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා මැතිවරණ කාර්යාල වල රාජකාරි කරනු ලබන තැපැල් ඡන්ද දායකයින්ට ද සිය තැපැල් ඡන්දය සලකුණු කිරිමට හැකි බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.

    ජනාධිපතිවරණයට අදාල තැපැල් ඡන්ද සලකුණු කිරිම ආරම්භ වූයේ පසුගිය 31 වැනිදායි. පසුගිය 31 සහ 01 යන දිනයන්හි රාජ්‍ය ආයතනවල සහ හමුදාවන්හි රාජකාරි නියුතු තැපැල් ඡන්ද හිමිවන්ට හට තැපැල් ඡන්දය සලකුණු කිරිමට අවස්ථාව හිමි විය.

    Last modified on සෙනසුරාදා, 02 නොවැම්බර් 2019 10:43

    Latest News