ඊයේ මෙරටින් කොවිඩ්-19 රෝගය වැළඳුණු 05යි

ජූලි 29, 2020

    කොවිඩ්-19 රෝගය වැළඳුණු 05 දෙනෙකු ඊයේ මෙරටින් වාර්තා විය.

    ඔවුන්ගෙන් සිව් දෙනෙකුම ඩුබායි සිට පැමිණි පුද්ගලයින්. අනෙක් පුද්ගලයා සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලයට අයත් සාමාජිකයෙක්.

    කොවිඩ්-19 රෝගය වැළඳුණු 05 දෙනෙකු ඊයේ මෙරටින් වාර්තා විය. ඔවුන්ගෙන් සිව් දෙනෙකුම ඩුබායි සිට පැමිණි පුද්ගලයින්. අනෙක් පුද්ගලයා සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලයට අයත් සාමාජිකයෙක්.

    කොවිඩ් 19 රෝගය වැළඳුණු සමස්ත රෝගීන්ගෙන් 2,296 දෙනෙකුම මේ වනවිට පූර්ණ සුවය ලබා තිබේ. එම ප්‍රතිශතය 81.70ක්. තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ, 503 දෙනෙකු පමණි. එම ප්‍රතිශතය 17.90ක්. මේ අතර, දිනක් තුළ වැඩිම රෝගීන් පිරිසක් පූර්ණ සුවය ලබා පිටව ගියේ ඊයේ දිනයේ. එම සංඛ්‍යාව 175ක්. ඔවුන්ගෙන් 158 දෙනෙකුම කන්දකාඩු ප්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආශ්‍රිතව හඳුනා ගැනුණු රෝගීන්. අනෙක් 17 දෙනා විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් බව වාර්තාවේ.

    කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආශ්‍රිතව අද වනවිට වාර්තාවන කොවිඩ්-19 රෝගීන්ගේ සංඛ්‍යාව 598ක්. ඔවුන්ගෙන් 482 දෙනෙකුම පුනරුත්ථාපනය වන රැඳවියන්. 66 දෙනෙකු කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්. තවත් 05ක් ආරාධිත කාර්ය මණ්ඩලයට අයත්. හඳුනා ගැනුණු අනෙක් පුද්ගලයා වැලිකඩ බන්ධනාගාරයෙන් වාර්තා වූ කොවිඩ්-19 රෝගියායි. මෙරට තුළ අද වනවිට සිදුකර ඇති පීසීආර් පරීක්‍ෂණ සංඛ්‍යාව එක් ලක්‍ෂ 55,540 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ දිනය තුළ සිදු කෙරුණු පීසීආර් පරීක්‍ෂණ 1349ත් සමඟයි.

    මේ අතර අද වනවිට නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ 27,494 දෙනෙකු මධ්‍යස්ථානවලින් පිටව ගොස් තිබේ. නිරෝධායන මධ්‍යස්ථාන 40ක් තුළ 3,102 දෙනෙකු තවදුරටත් නිරෝධායනය වෙමින් සිටී.

    වවුනියාව, පෙරියමඩු යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පිරිසක් නිරෝධායන කාලසීමාව අවසන් කළේය. ඊට 118ක් අයත්. ඔවුන් ජෝර්දානයේ සිට පැමිණි පුද්ගලයින්. නිරෝධායන කාලසීමාවෙන් අනතුරුව පීසීආර් පරීක්‍ෂණ කළ පිරිස මුදා හැරිණ.

    Latest News