මෙරට ආසාදිතයින් 2724ක්..ඊයේ 20ක්

ජූලි 20, 2020

    මේ වනවිට හඳුනාගෙන ඇති කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 2724 ක්.

    ඊයේ (19) හඳුනාගත් ආසාදිතයින් 20න් 16ක් විදෙස් රටවල සිට පැමිණි පුද්ගලයන් බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

    අවසන් වරට හඳුනාගත් ආසාදිතයින් 9 දෙනා සෞදි අරාබියේ සිට මෙරටට පැමිණ නිරෝධායනයට ලක් වෙමින් සිටි පිරිසකි.

    කන්දකාඩු ප්‍රතිකාර සහ පුනරුත්තාපන මධ්‍යස්ථානයෙන් හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් කිහිපදෙනෙක්ට ද ඊයේ කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගැනිණ.

    පැල්මඩුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් හා කහතුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක් ද ඒ අතර වෙයි.

    මීට අමතරව ඉන්දියා වේ සිට පැමිණි දෙදෙනෙක්,කටාර්හි සිට පැමිණි තිදෙනෙක් සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි දෙදෙනෙක් නිරෝධායනයට ලක්වෙමින් සිටිය දී කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් බවට තහවුරු වී තිබේ.

    මේ වන විට ලංකාවේ සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 2035 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙරට වාර්තා වූ ආසාදිතයින්ගෙන් තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබන්නේ පුද්ගලයන් 678 දෙනෙකු පමණි.

    Last modified on සදුදා, 20 ජූලි 2020 09:23

    Latest News