කුවේට්හි රැඳී සිටි විවිධ කරදරවලට ලක්වූ ශ්‍රමිකයින් 21ක් දිවයිනට

ජන 03, 2020

    කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් විවිධ කරදරවලට ලක්වූ ශ්‍රමිකයින් 21 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

    ඒ පසුගිය පළමු වැනිදා (2020.01.01) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හා කුවේට් තානාපති කාර්යාලයේ මැදිහත්වීමෙනි.

    දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් වන මෙම ශ්‍රමිකයින් සේවා ගිවිසුම ඉක්මවීම, රැකියා ස්ථානයේ සිදුවූ විවිධ කරදර, වැටුප් නොලැබීම, සේවා ගිවිසුම කඩවීම හා අසනීප තත්ත්වයන් හේතුවෙන් තානාපති කාර්යාලය වෙත වාර්තා කරන ලදී.

    මෙසේ පැමිණි පිරිස අතරින් සිව් දෙනෙකු අසනීප තත්ත්වයෙන් පෙළෙන අය වූහ. තවත් ශ්‍රමිකයින් පස් දෙනෙකු සඳහා නිවෙස් බලා යාමට ගමන් වියදම් කාර්යාංශයේ සහන පියස සුභසාධන මධ්‍යස්ථානය මගින් ලබාදුන් අතර, රක්ෂණ වන්දි ඉල්ලුම් කිරීම සඳහා අවශ්‍ය මග පෙන්වීමද සිදුකරන ලදී.

    Latest News