ඒ පසගියදා අඟුලාන ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සාක්ෂිකරුවන් දෙදෙනා අද උදෑසන 5ට පමණ පොලිස් නිලධාරින් පිරිසක් පැමිණ, ජීප් රථයකින් රැගෙන ගිය බව පවසමින්.
පොලිසිය විසින් ගල්කිස්ස සහ මොරටුමුල්ල පොලිස් ස්ථාන වෙත රැගෙන ගොස් තිබූ එම සාක්ෂිකරුවන් දෙදෙනා පසුව අඟුලාන පොලිස්ථානය වෙත රැගෙනවිත් තිබිණ.
මොරටුව, ලූනාව ප්‍රදේශයේ හදිසි මාර්ග බාධකයක් යොදා රථ වාහන පරීක්ෂා කිරීමේ නිරත වූ පොලිස් නිලධාරීන් පිරිසකගේ රාජකාරියට ත්‍රීරෝද රථයකින් පැමිණි පුද්ගලයෙකු බාධා කිරීම හේතුවෙන් පොලීසිය විසින් සිදුකළ වෙඩි තැබීමක් හේතුවෙන් 39 හැවිරිදි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්විය.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකළ අභ්‍යන්තර විමර්ශනවල දී අනාවරණය වූ කරුණු සැළකිල්ලට ගනිමින් සැරයන්වරයෙකු, පොලිස් කොස්තාපල්වරයෙකු සහ කොස්තාපල් රියදුරෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනමට ලක් කිරීමට පියවර ගැනිණ.