නව නාවික හමුදාපති ජනපති හමු වෙයි

ජූලි 15, 2020

    නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා අද (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු විය.

    නිශාන්ත උළුගේතැන්න මහතා ශ්‍රී ලංකාවේ 24 වැනි නාවික හමුදාපතිවරයා ලෙස ඊයේ පත්වීම් ලැබීය.

    ධූරයට පත්වීමෙන් පසු නව නාවික හමුදාපතිවරයා සාම්ප්‍රදායානුකූලව ජනාධිපතිතුමා හමු වූ අතර ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්වූයේය.

    Last modified on බදාදා, 15 ජූලි 2020 12:24

    Latest News