අණ දෙන නිලධාරී අල් නෙක්ක්‍රවුස් සහ නාවික හමුදාධිපති අතර හමුවක්

පෙබ 07, 2020

    එක්සත් රාජධානියේ දියත් විධාන කිමිදුම් බලගණයේ අණදෙණ නිලධාරී කමාන්ඩර් අල් නෙක්ක්‍රවුස් මහතා සහ නාවික හමුදාපතිතුමා අතර හමුවක් ඊයේ පැවැත්විණ.

    නාවික හමුදා මූලස්ථානයේදී අණදෙන නිලධාරී වරයා පිළිගැනීමෙන් අනතුරුව නාවික හමුදාධිපතිතුමා විසින් ඔහු සමග සුහදපිළිසඳරක නිරත විය. එහිදීඔවුන් ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලදි.

    තවදමෙම අවස්ථාව සනිටුහන් කරමින් නාවික හමුදාධිපතිවයිස් අද්මිරාල් පියල් ද සිල්වා සහ එක්සත් රාජධානියේ දියත් විධාන කිමිදුම් බලඝණයේ අණදෙන නිලධාරී කොමාණ්ඩර් අල් නෙක්ක්‍රවුස් (Al Nekrews QGM RN)අතර සමරු තිළිණ හුවමාරුවක් සිදු කෙරිණ.

    Last modified on සිකුරාදා, 07 පෙබරවාරි 2020 08:33

    Latest News