නාවික හමුදාපති, ජනපති හමුවෙයි

නොවැ 20, 2019

    නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා,  අභිනව සන්නද්ධ හමුදා සේනාධිනායක, ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා (19) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී හමුවිය.

    මෙම හමුව  ජනාධිපතිතුමා වැඩ භාර ගැනීමෙන් අනතුරුව නාවික හමුදාධිපතිතුමා හමු වූ පළමු නිල හමුව ලෙස සනිටුහන් විය. පළමුව නාවික හමුදාධිපතිතුමා විසින් අභිනව ජනාධිපතිතුමන් වෙත සිය සුභාසිංශන එක් කළ අතර, ඉන් අනතුරුව ඔවුන් සුහද පිළිසඳරක නිරත විය.

    තවද, මෙම නිල හමුව සනිටුහන් කරමින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කරන ලදී.

    Last modified on බදාදා, 20 නොවැම්බර් 2019 08:42

    Latest News