කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් ආසාදිතයින් 520ක්

ජූලි 14, 2020

    කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කොරෝනා වෛරස ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 520ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    ඉන් 414ක්ම රැඳවියන් වන අතර 64ක් කාර්ය මණ්ඩලය බවයි, යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරන්නේ. මීට අමතරව තවත් 15 දෙනෙක් ඔවුන්ගේ ආශ්‍රිතයින් අතරින් හඳුනාගෙන තිබේ.

    ඊයේ දිනයේ දී අනුරාධපුර - රාජාංගණය යාය 1,3, හා 5 යන ප්‍රදේශවල සංචරණ සීමා පැනවීමට සෞඛ්‍ය අංශ පියවර ගැනිණ. ඒ අනූව දැනට රාජාංගණය ප්‍රදේශයෙන් පමණක් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 16ක්.

    Last modified on අඟහරුවාදා, 14 ජූලි 2020 12:45

    Latest News