මෙරට ආසාදිතයින් ගණන 2646ක්..

ජූලි 14, 2020

    මෙරට කොරෝනා රෝගීන් සංඛ්‍යාව මේ වන විට 2646ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ දිනය වන විට ආසාදිතයින් 29ක් වාර්තා වීමත් සමගයි.

    ඉන් 14ක් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ හා 11ක් සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටි අයයි. අනතුරුව රාජාංගණය ප්‍රදේශයෙන් ආසාදිතයින් දෙදෙනෙක් වාර්තා විය.

    මීට අමතරව මාලදිවයිනේ සිට මෙරටට පැමිණි නිරෝධායනය වන පුද්ගලයින් දෙදෙනෙක්ටත් කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු විය.

    Last modified on අඟහරුවාදා, 14 ජූලි 2020 12:47

    Latest News