පූජිත් හා හේමසිරි අදත් ජනාධිපති කොමිසමට

ජූලි 09, 2020

    හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු හා අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොම්ෂන් සභාවේ පොලිස් විමර්ශන ඒකකයට අදත් කැඳවා තිබිණ.

    ඒ පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි. පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිෂන් සභාවේ පොලිස් විමර්ශන ඒකකයට ඊයේ දිනයේදී ඔවුන් කැඳවා තිබිණ. එහිදී පැය 8කට වැඩි කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනිණ. ඊයේ දිනයේ ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව පූජිත් ජයසුන්දර මහතා මාධ්‍ය මඟහැර යන අයුරු දක්නට ලැබිණ.

    Last modified on බ්‍රහස්පතින්දා, 09 ජූලි 2020 12:47

    Latest News