පාසල් කාර්ය මණ්ඩලයට උපදෙස් මාලාවක්

ජූලි 09, 2020

    පාසල් අධ්‍යායන කාර්ය මණ්ඩලවල පැමිණීම හා පිටවීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ. කොවිඩ් වසංගතය අවදානම හමුවේ, පාසල් යළි විවෘත කිරීමේ පළමු අදියර ඉකුත් 6 වැනි දින ආරම්භ කෙරුණු අතර එය ලබන 17 දක්වා ක්‍රියාත්මකයි.

    පාසල් යළි ආරම්භ කිරීමට අදාළ දෙවැනි අදියර ක්‍රියාත්මක වන්නේ ලබන 20 වැනිදා සිට 24 වැනිදා දක්වායි. එහිදී පිරිස් ඒකරාශී වීම අවම කර ගැනීමේ අරමුණෙන් පාසල් වෙත ගෙන්වා ගත යුතු වන්නේ, පංති කාලසටහන් ලබා දී ඇති සහ වෙනත් කළමනාකරණ, පරිපාලන විනය හා සෞඛ්‍ය කටයුතු ආදී වශයෙන් වගකීම් පවරා ඇති ගුරුවරුන් පමණක් බවයි, අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙන්නේ.

    කිසිඳු රාජකාරියක් නොපවරන ලද සහ ඉගැන්වීම් කාලසටහන් නොමැති ගුරුවරුන් එම අදියරවල දී පාසලට ගෙන්වා ගැනීම නොකළ යුතුයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 09 ජූලි 2020 12:45

    Latest News