රු. කෝටි 11ක් වංචා කළ සැකකරුවන් 57ක් අත්අඩංගුවට

ජූලි 06, 2020

    රුපියල් කෝටි 11කට ආසන්න මුදලක් වංචා කළ සැකකරුවන් 57 දෙනෙකු බස්නාහිර පළාතේ පොලිස් වංචා විමර්ශන අංශවලින් පැය 24ක් තුළ අත්අඩංගුවට ගෙන තිබේ.

    එම කාර්යාංශය වෙත ලැබී තිබූ මූල්‍ය වංචා පැමිණිලිවලට අදාළව ඊයේ දිනය තුළ සැකකරුවන් අත්අඩංගුවට ගත් බව, පොලිසිය පවසයි. සැකකරුවන් අතර කාන්තාවන් 09ක් වේ. මූල්‍ය වංචා, මුල්‍ය විශ්වාසය කඩ කිරීම්, බහු විවාහ ඇතුළු අපරාධ 70කට පමණ සැකකරුවන් සම්බන්ධ බව, හෙළි වී ඇත. ඔවුන් අත්අඩංගුවට ගැනීමෙන් විසඳුණු අපරාධවල මූල්‍ය වටිනාකම රුපියල් දස කෝටි 84 ලක්‍ෂ 70,356ක්.

    Latest News