ජනපති පොදුජන පෙරමුණේ, පළමු මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය අරඹයි

ජූලි 03, 2020

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයකට ජනාධිපති ගෝඨාභ්‍ය රාජපක්ෂ මැතිතුමා අනුරාධපුරයේ දී අද සහභාගී විය. සෞඛ්‍ය උපදෙස්වලට අනුගතව එම ජනහමුව සංවිධාන කර තිබුණේ, අනුරාධපුර,ඊරියගම,වැවඅසබඩ නිදහස් උයන ප්‍රදේශයේදී.

    ජනාධිපතිතුමා ජනතා ගැටළු පිළිබඳව මෙහිදී සෘජුව විමසා බැලූ අතර ඔවුන් සමග සුහඳ කතාබහක ද නිරත විය. ඊරියගම වැව ද නිරීක්ෂණය කළ ජනාධිපතිතුමා එහි අඩුපාඩු කඩිනමින් යථා තත්වයට පත් කරන ලෙස අදාළ නිලධාරීන් දැනුවත් කිරීමට ද කටයුතු කළේය.

    මේ අතර තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමය ඉටුකම සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල වෙනුවෙන් මෙහිදී රුපියල් දෙලක්ෂයක මුල්‍ය පරිත්‍යාගයක් සිදු කර තිබේ.

    සංගමයේ සභාපති සුනිල් දිසානායක මහතා විසින් අදාළ මුදල ජනාධිපතිතුමා වෙත බාරදෙනු ලැබීය. අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන, උතුරුමැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් යන මහත්වරුන් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

    පොදුජන පෙරමුණේ ජනහමු කිහිපයක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ අද දවස පුරා සංවිධාන කර තිබේ.

    Last modified on සිකුරාදා, 03 ජූලි 2020 15:25

    Latest News