කිලෝ 400ක ගංජා යාපනය මුහුදෙන්

ජූලි 03, 2020

    යාපනය,මණ්ඩතිව් දූපත හා කල්මුණේතුඩුව අතර මුහුදේ නාවික හමුදාව සිදු කළ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 400ක පමණ ප්‍රමාණයක් සිය බාරයට ගැනීමට හැකිවී තිබේ.

    ලද තොරතුරකට අනූව මෙහෙයුම සිදුකර ඇත්තේ, අද අලුයමදි. ඉන්දියාවේ බෝට්ටුවකින් කේරළ ගංජා තොගය ප්‍රවාහනය කරමින් තිබියදී උතුරු නාවික විධානයේ නාවික හමුදාභට පිරිස් වැටලීම සිදුකළේය. බෝට්ටුව වෙත ළගාවත්ම එහි සිටි සැකකරුවන් කේරළ ගංජා තොගය මුහුදට විසිකර බෝට්ටුව අතහැර පිහිනා ගොස් තිබේ.

    නාවික හමුදාව පවසන්නේ, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති බවයි. කේරළ ගංජා තොගයේ වෙළෙඳපොළ වටිනාකම රුපියල් ලක්ෂ 600ක් පමණ වන බවද, නාවික හමුදාව ප්‍රකාශ කරයි.

    Latest News