තවත් ආසාදිතයින් 36කට සුවයි

ජූලි 03, 2020

    තවත් කොරෝනා ආසාදිතයින් 36 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව අද (03) උදෑසන 10.00 වන විට සුවය ලැබු සමස්තය 1863ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    මේ අතර, විදේශයන්හි සිට පැමිණි තවත් පුද්ගලයින් 12 දෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග මෙරට සිටින ආසාදිතයින් සංඛ්‍යාව 2066ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    මේ අතර ඉන්දියාවේ සිට පැමිණ නිරෝධායනය සඳහා යොමුකර සිටි කොළඹ 13 ජින්තුපිටිය ප්‍රදේශයේ පුද්ගලයෙකුට කොවිඩ් -19 අසාදනය වී ඇති බව ඊයේ (02) රාත්‍රියේ හඳුනා ගත්තේය.

    Latest News