බස්නාහිර හදිසි වැටලීම්වලින් 429කට මාංචු

ජූලි 03, 2020

    පොලිසිය බස්නාහිර පළාත තුළ ඊයේ උදෑසන 6.00 සිට අද අලුයම 5.00 දක්වා සිදු කළ වැටලීම්වල දී මත්ද්‍රව්‍ය සහ අනෙකුත් නීතිවිරෝධී ක්‍රියාවන් සම්බන්ධයෙන් සැකකරුවන් 429 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    එම කාලසීමාවේ සිදු කර ඇති වැටලීම් සංඛ්‍යාව 424ක්. හෙරොයින් ජාවාරම් හා සම්බන්ධ වැටලීම් 195ක් සිදු කෙරුණු අතර එහිදී සැකකරුවන් එකසිය අනූ පස් දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබීය. ගංජා ජාවාරම් සම්බන්ධයෙන් 97 දෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 104ක්. ගෝඩා සහ අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් 22 දෙනෙක් ද වෙනත් නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් 11 දෙනෙක් ද අත්අඩංගුවට ගත් පිරිස අතර වෙයි.

    හෙරොයින් සම්බන්ධ විශේෂ වැටලීමක් සිදුකර ඇත්තේ, පයාගල ප්‍රදේශයේදී. මේ අතර, මුඛ ආවරණ පැළඳ නොසිටි විසි දෙනෙක් නිවෙස්වල ස්වයං නිරෝධායනයට යොමු කළ බවයි, පොලීසිය පවසන්නේ.

    Last modified on සිකුරාදා, 03 ජූලි 2020 11:54

    Latest News