ඖෂධ හිඟය විසඳන්න විශේෂ කණ්ඩායමක්

දෙසැ 31, 2018

    රට තුල මතුව ඇති ඖෂධ හිඟය කඩිනමින් විසඳීම සඳහා විශේෂ කණ්ඩායමක් පත් කර තිබේ.

    සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ, මේ වන විට ඖෂධ 80ක පමණ හිඟයක් පවතින බවයි. එම ඖෂධ වර්ග කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට ක්‍රියා කරන ලෙස සියලු අංශවලට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා උපදෙස් ලබා දී තිබේ.

    ඒ අනූව, අවශ්‍ය ප්‍රතිපාදන ක්‍රියාවලිය හා අවශ්‍ය උපදෙස් මේ වන විට නිකුත් කර ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. රට තුල පැවති දේශපාලන වාතාවරණය හමුවේ, ප්‍රසම්පාදන කටයුතු ඇණහිටීමෙන්, මෙරටට ඖෂධ ගෙන්වීම ප්‍රමාද වූ බව ද එම සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් තොරතුරු අනාවරණය කරයි.

    Latest News