රටවල් 7කට මෙරටින් වීසා නිදහස්

ඔක් 24, 2023
    රටවල් 7 කින් පැමිණෙන විදේශිකයන්ට වීසා රහිතව මෙරටට ඇතුළු වීමට ඊයේ අමාත්ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය හිමිව තිබෙනවා.

    සංචාරක අමාත්ය හරීන් ප්රනාන්දු මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ, ලබන මාර්තු 31 දක්වා මෙම සහනය ලබා දෙන බවයි.

    ඒ අනුව, ඉන්දියාව, චීනය, රුසියාව, තායිලන්තය, ඉන්දුනීසියාව, මැලේසියාව සහ ජපානය යන රටවලින් පැමිණෙන සංචාරකයින්ට වීසා රහිතව මෙරටට ඇතුළු වීමට අමාත්ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා.
     
    රටවල් රැසක සංචාරකයින් වීසා බලපත්රවවලින් නිදහස් කිරීමේ අරමුණ වන්නේ, සංචාරකයින් වැඩි පිරිසක් ශ්රී ලංකාව වෙත ආකර්ෂණය කර ගැනීම සඳහා යි.
     
    ඒ අනුව, වසරකට මිලියන 5ක සංචාරක ආකර්ෂණයක් හිමි කර ගැනීමට බලාපොරොත්තු වනවා.
     
    සංචාරක නිර්දේශ රටවල් 20 අතරට ශ්රී ලංකාව ද අයත් වන බැවින් ඉන් උපරිම ප්රතිලාභ ලබා ගැනීමට මෙමගින් බලාපොරොත්තු වන බවයි, අමාත්ය හරීන් ප්රනාන්දු මහතා ප්රකාශ කරන්නේ.
     
    වීසා ලබා ගැනීමට වැය වන මුදල් හා කාලය මෙම වැඩපිළිවෙළ මගින් ඉතිරි වන අතර, විදෙස් සංචාරකයින් මෙරටට පැමිණීමේ ප්රවණතාවය ද ඉහළ යනු ඇතැයි , අපේක්ෂා කෙරෙනවා.

    Latest News