කරුණා අම්මාන් CIDයට පැමිණෙයි

ජූනි 25, 2020

    විනයාගමූර්ති මුරලිදරන් නොහොත් කරුණාඅම්මාන් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.

    ඒ ඔහු සිදු කළායැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණයකට අදාළ ප්‍රකාශයක් ලබාදීම සඳහායි.

    ප්‍රකාශයක් සටහන්කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ජුනි 23වැනි දින පැමිණෙන ලෙස, ඔහුට දන්වා තිබිණ. එදින ඔහු නීතීඥවරුන් මගින් දැනුම් දී තිබුණේ, තමන් අසනීප තත්වයෙන් පසුවන බවයි. විනයාගමූර්ති මුරලිදරන් මහතා, නීතීඥයෙකු සමග අද උදේ 10.30ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය. දැන් ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගනිමින් සිටින බවයි, වාර්තා වන්නේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 25 ජූනි 2020 13:01

    Latest News