කරුණා අම්මාන්ට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද ඉල්ලා අස්කර ගැනීමෙන් පසුව එය නිෂ්ප්‍රභා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.

විනයාගමූර්ති මුරලිදරන් නොහොත් කරුණා අම්මාන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කරන්නැයි, ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

විනයාගමූර්ති මුරලිදරන් නොහොත් කරුණාඅම්මාන් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.

විනයාගමූර්ති මුරලිදන් මහතා සිදු කරනු ලැබූ ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පරීක්‍ෂණයක් ආරම්භ කර ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසයි.

Latest News