ජාත්‍යන්තර යෝගා දිනය අද

ජූනි 21, 2020

    ජාත්‍යන්තර යෝගා දිනය අදට යෙදී තිබේ. ඒ නිමිත්තෙන් සංවිධාන කෙරුණු උත්සවයක් පේරාදෙණිය පොලිස් ස්ථාන පරිශ්‍රයේදී අද පැවැත්විණ.

    විශේෂ පුහුණු වැඩසටහන මෙහෙයවනු ලැබුවේ ජාත්‍යන්තර යෝගා පුහුණු උපදේශකයෙකු වන යෝගී ගුරාජි ජයකුමාර මහතා විසින්. පොලිස් නිලධාරීන්ට, කායික හා මානසික සමතුලිතතාව ආරක්ෂා කර ගනිමින් වඩාත් සුපහන් මනසින් රාජකාරියේ යෙදීමට අවශ්‍ය උපදෙස් ලබාදීම මෙහිදී සිදු කෙරිණ.

    මේ සඳහා පොලිස් නිලධාරීන් සිය දෙනෙකු සහභාගී විය. පිරිස අමතමින් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා දේශනයක් පැවැත්විණ. වැඩසටහනට සමගාමීව පොල් පැල 100ක් බෙදාදීම ද සිදු කෙරිණ.

    Latest News