“ඉටුකම“ අරමුදලට තවත් පරිත්‍යාග

ජූනි 17, 2020

    යුතුකම කොවිඩ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්‍ෂණ අරමුදල පරිත්‍යාග කිහිපයක් ලැබී තිබේ.

    දාස සමූහ ව්‍යාපාරය දේශීය වශයෙන් නිෂ්පාදනය කළ ශල්‍ය මුහුණු ආවරණ 30,000ක් අග්‍රාමාත්‍යවරයා වෙත අද බාර දුන්නේය. ඒ, දාස සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂ ඉසුරු ගුණදාස මහතා විසින්.

    මෙරට දී එකලස් කරනු ලැබූ පළමු ජල පෙරණය අග්‍රාමාත්‍යවරයා වෙත අද බාර දෙනු ලැබීය. ඒ, දහම්සා සමාගමේ අධ්‍යක්‍ෂ බුද්ධික චතුරංග මහතා විසින්. එම අවස්ථාවට කොරියාවේ ගෝල්ඩ් කොස්ට් ආයතනයේ සභාපති සොන් ජේ හේ මහතා ද එක්වූහ.

    මුලතිව් අප් කන්ස්ට්‍රක්ෂන් ආයතනයේ හිමිකරු මහාලිංගන් දයාබරන් මහතා රුපියල් ලක්‍ෂ 04ක මුදලක් කොවිඩ්-19 අරමුදලට පරිත්‍යාග කළේය.

    Last modified on බදාදා, 17 ජූනි 2020 20:40

    Latest News