මූල්‍ය සමාගම් සහ ලීසිං සමාගම් ගැන සොයන්න කමිටුවක් (වීඩියෝ)

ජූනි 17, 2020
  • මූල්‍ය සමාගම් සහ ලීසිං සමාගම්වල සිදුවන අක්‍රමිකතා සහ නීති විරෝධි ක්‍රියා සොයා බලා වාර්තා කිරීමට කමිටුවක් පත්කර තිබේ.

    ඒ, මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්‍ෂමන් මහතා විසින්.

    කමිටුවේ ප්‍රධානියා ලෙස ජනාධිපති නීති අධ්‍යක්‍ෂ ජනරාල් නීතිඥ හරිගුප්ත රෝහනධීර මහතා ක්‍රියා කරයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ නීති අධ්‍යක්‍ෂ කේ.ජී.පී. සිරිකුමාර සහ මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය සමාගම් කළමනාකරණය කිරීමේ අංශයේ අධ්‍යක්‍ෂ ජේ.පී. ගම්ලත් යන මහත්වරුන් සෙසු සාමාජිකයින් වේ. මහ බැංකුවේ ලියාපදිංචි නොවූ මූල්‍ය සමාගම්වලින් සිදුකරන ෆිනෑන්ස් සහ ලීසිං ලබාදීමේ ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් සහ ලියාපදිංචි වූ මූල්‍ය සමාගම් විසින් සිදු කරනු ලබන ගනුදෙනු සොයා බලා වාර්තා කිරීම එම කමිටුවට පැවරේ. එම සමාගම් සිදුකරන සමාජය අනුමත නොකරන ක්‍රියාවන් සහ ඒවා කළමනාකරණය කරන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් සොයා බලා ගත යුතු ඉදිරි පියවර සහ නිර්දේශ ලබාදෙන ලෙස කමිටුවට දන්වා ඇත්තේ. කමිටු වාර්තාව දින 14ක් තුළ ලබාදිය යුතුය. ඒ සඳහා බැංකු සහ නීති ක්‍ෂේත්‍රයේ විශාරදයන් හා වෘත්තිකයන් සම්බන්ධ කරගන්නා ලෙස, මහ බැංකු අධිපතිවරයා කමිටුවට නියෝග කර තිබේ.

    Last modified on බදාදා, 17 ජූනි 2020 20:37

    Latest News