කොවිඩ් අරමුදලේ ශේෂය රු.මිලියන 769ක්

අප්‍රේ 21, 2020

    ආයතනික හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ සෘජු තැන්පතු සමඟ කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 769 දක්වා ඉහළ ගොස් තිබේ.

    ඒ එම අරමුදලට ඊයේ තවත් රුපියල් මිලියන 32ක් පරිත්‍යාග කිරීමත් සමගයි. සිංගප්පූරුවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන හිමියන් හා උතුරු අමෙරිකාවේ ප්‍රධාන සංඝනායක මහරගම ධම්මසිරි හිමියන් අරමුදලට රුපියල් මිලියන 5 බැගින් පරිත්‍යාග කළේය.

    ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පරවාහැර චන්ද්‍රරතන නාහිමි පුණ්‍යාධාර භාරය රුපියල් මිලියනක්ද, ස්විට්සර්ලන්තයේ ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරාධිපති පූජ්‍ය තවලම ධම්මික හිමි හා විහාරාධිකාරී පූජ්‍ය හල්විටිගල පූජ්‍ය තවලම ධම්මික හිමි හා විහාරාධිකාරී පූජ්‍ය හල්විටිගල සුජාත හිමියන් රුපියල් මිලියනයක් ද කොවිඩ් දහනවය සෞඛ්‍ය හා සමාජ අරමුදලට පරිත්‍යාග කර තිබේ.

    Last modified on අඟහරුවාදා, 21 අප්‍රේල් 2020 09:41

    Latest News