කතරගම දේවාලයේ වාර්ෂික පෙරහැර ආරාධනා පත්‍රය අගමැතිට පිළිගන්වයි

ජූනි 17, 2020

    රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ සාම්ප්‍රදායික ආරාධනා පත්‍රය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාට අද පිළිගැන්විය

    . ඒ, කතරගම දේවාලයේ බස්නායක නිලමේ දිල්රුවන් රාජපක්‍ෂ මහතා විසින්.

    රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය ජුලි මස 21 වැනි දින සිට අගෝස්තු මස 04 වැනි දින දක්වා පැවැත්වීමට නියමිතයි. අගෝස්තු තුන්වැනි දින මහා පෙරහැර පැවැත්වීමෙන් අනතුරුව අගෝස්තු 04 වැනි දින කිය කැපීමේ මංගල්‍ය යෙන් පෙරහැර අවසන් කෙරේ. සෞඛ්‍ය ආරක්‍ෂණ වැඩපිළිවෙළට අනුගත වෙමිනුයි පෙරහැර පැවැත්වෙන්නේ. බැතිමතුන්ට එය නැරඹීම සඳහා අවස්ථාව ලබාදී නොමැති බව පෙරහැර සංවිධායක කමිටුව සඳහන් කළේය.

    Latest News