ඉටුකම අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1,213දක්වා ඉහළට

මැයි 29, 2020

    ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග “ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ” ශේෂය රුපියල් මිලියන 1,213 ඉක්මවා තිබේ.

    උතුරු මැද පළාත් රාජ්‍ය සේවයේ නියුතු සේවකයින් ප්‍රදානය කළ රුපියල් මිලියන 25ක් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා විසින් අද (29) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත භාර දෙනු ලැබිණ. කිරිබත්ගොඩ විහාරමහා දේවි ආදි ගුරු සංගමය රුපියල් ලක්ෂයක් ජනාධිපති කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් (පාලන) විශ්‍රාමික මේජර් ජනරාල් කේ.බී. එගොඩවෙලේ මහතාට භාර දුන්නේය. ආපදා කළමනාකරණ මධ්‍යලස්ථානය (ආරක්ෂක අමාත්‍යංශය) 2,47,538ක්, Tharuni Merine Enterprices රුපියල් ලක්ෂ 05ක්, Hirushi Merine Enterprices රුපියල් මිලියනයක්, උතුරු නැගෙනහිර දෙපළාතේ අධිකරණ සංඝනායක පූජ්‍ය කිරිඳිවැල සෝමරතන හිමි රුපියල් 61,000ක්, දියගම තාක්ෂණ විශ්ව විද්‍යලයේ නිරෝධායනය වූ එංගලන්තයේ සිට පැමිණි ඩී. ප්‍රියන්ත සමරකෝන් මහතා රුපියල් 25,000ක්, රාජගිරිය ආයුර්වේද රෝහලේ නිරෝධායනය වූ ඕස්ට්‍රේලියාවේ සිට පැමිණි පිරිස රුපියල් 8,25,000ක්, ඇමරිකාවේ පදිංචි ස්වර්ණා එස්. සිරිවර්ධන මහත්මිය රුපියල් 1,099, 668ක්, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය රුපියල් 500,000 ක්, අධ්‍යාපන අමාත්‍යංශයේ ව්‍යපෘති කළමනාකරණ ඒකකය 1,013,174ක්, Slim Phamaceuticals (pvt) ltd ආයතනය රුපියල් මිලියනයක් අරමුදලට ප්‍රදානය කර තිබේ.

    දෙස් විදෙස් පරිත්‍යාගශීලීහූ ගිණුමට දායක වී සිටිති. චෙක් පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මෙන්ම www. itukama.lk වෙබ් අඩවිය ඔස්සේ හෝ #207#අමතා අරමුදලට දායකවිය හැකිය. දුරකථන අංක 0760700700 / 0112320880 / 011,2354340 / 0112424012 ඇමතීමෙන් වැඩි විස්තර දැනගැනීමට පිළිවන.

    Latest News