ඉකුත් දින 2ක තුළ කතරගමට ලක්ෂයකට අධික බැතිමතුන්

අප්‍රේ 15, 2021

    කතරගම පූජා භූමියට ආශිර්වාද ලබා ගැනීම සඳහා ඉකුත් දින දෙක තුළ ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් පැමිණි බව රුහුණු මහා කතරගම බස්නාහක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා පවසයි.

    ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ අවුරුදු මංගල්‍යය ද මෙවර ඉතා ඉහළින් පැවැත්වෙයි.

    2019 වසරේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සහ කොරෝනා වසංගත තත්වය හේතුවෙන් කතරගම පූජා භූමියට ද බැතිමතුන් පැමිණීම පැවතියේ ඉතා අඩු මට්ටමකයි.

    වසංගත තත්වය පාලනය කිරීමට හැකි වීමත් සමග මෙවර අවුරුදු මංගල්‍ය සාර්ථකව පැවැත්වීමට හැකි විය. අප වාර්තාකරු පවසන්නේ, අලුත් අවුරුද්ද උදාවීමෙන් පසු ඊයේ සුබ නැකතින් දේවාලය විවෘත කෙරුණු අතර ඊයේ රාත්‍රී කතරගම දෙවියන් වැඩමවමින්,අවුරුදු මංගල්‍ය පැවැත්වුණු බවයි.

    පෙරහැර අවසන් වීමෙන් පසු දැකුම් කියවීම හෙවත්, අයවැය ඉදිරිපත් කිරීමේ චාරිත්‍රය ඉටු කර නව වසරේ ප්‍රථම දේව පූජාව පවත්වනු ලැබීය.

    කතරගම පුදබිම වෙත මෙවර උතුරු - නැගෙනහිර සිට ද හින්දු බැතිමතුන් විශාල සංඛ්‍යාවක් පැමිණ තිබේ.

    Latest News