සුවසේවා විරුවන්ට නොමිලේ නිවාඩු පැකේජයක්

ජූනි 16, 2020

    සුවසේවා විරුවන්ට “සිනමන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්” වෙතින් නොමිලයේ නිවාඩු පැකේජයක් පිරිනමා තිබේ.

    ඒ කොවිඩ් 19 ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීමේදී වගකීමෙන් සහ කැපවීමෙන් ක්‍රියා කිරීම අගය කරමින්.

    “සිනමන් සුවවිරු ප්‍රණාම” ලෙස නම් කර ඇති පැකේජය පිළිබඳ ප්‍රකාශය, ජෝන් කීල්ස් හෝල්ඩින්ස් හි සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා අද ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති, ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාට පිළිගැන්විය.

    කොවිඩ් ආසාදිතයන්ට ප්‍රතිකාර කළ රෝහල්වල කාර්ය මණ්ඩලයට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නම් කිරීම මත පැකේජ දහසක් පිරිනමා තිබේ. ඔවුන්ට සිනමන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට් යටතේ ඇති හෝටල් 09න් එකක සියලු පහසුකම් සහිතව රාත්‍රී 02ක් නොමිලයේ තම නිවාඩුව ගත කිරීමට අවස්ථාව හිමිවේ. පැකේජය ජුලි පළමුවැනිදා සිට සැප්තැම්බර් 30 දක්වා වලංගු වේ. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඇතුළු නිලධාරීන් පිරිසක් ද මේ අවස්ථාවට එක්වූහ.

    Latest News