ලොව පැරණිතම පබළු නිර්මාණය පාහියංගල ආශ්‍රිතව (වීඩියෝ)

ජූනි 16, 2020
  • ගුරුගල් ආශ්‍රයෙන් සිදු කළ ලොව පැරණිතම පබළු නිර්මාණය පාහියංගල ආශ්‍රිතව විසූ ප්‍රාග් ඓතිහාසික මානවයා සිදු කර ඇති බව, හෙලි වී තිබේ.

    ඒ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යා අධ්‍යයන අංශය, විදෙස් විද්වතුන් කිහිප දෙනෙකු සමඟ සිදු කළ කැනීම්වලින්.

    ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කෙරිණ. පාහියන්ගල ලෙන් ආශ්‍රිතව කළ කැණිම්වලින් හමුවූ පුරාවස්තු ආශ්‍රයෙන් පරීක්‍ෂණය සිදුකර තිබේ. ගුරුගල් පාෂාණයෙන් නිර්මාණය කළ පබළු මෙරටින් හමුවූ ප්‍රථම අවස්ථාව මෙයයි. ඒ සම්බන්ධයෙන් ලෝක ඉතිහාසයෙන් ලැබෙන පැරණිතම සාක්‍ෂිය ද මෙය බව, පර්යේෂණ කණ්ඩායම අවධාරණය කරයි.

    එසේම, පාහියන්ගල වැසි වනාන්තර කලාපයට අනුවර්තනය වූ ප්‍රාග් ඓතිහාසික මානවයා මීට වසර 48,000කට පෙර තාක්‍ෂණික උපකරණ භාවිත කළ බවට සාක්‍ෂි ද කැනීම් මගින් සොයා ගෙන තිබේ. ඒවා අමෙරිකාව සහ එංගලන්තය යන රටවල සිදු කළ කාබන් 14 කාල නිර්ණය පරීක්‍ෂණ මගින් තහවුරු කර ඇති බව, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ කථිකාචාර්ය ඔෂාන් වෙදගේ මහතා පවසයි.

    Last modified on අඟහරුවාදා, 16 ජූනි 2020 20:28

    Latest News