ඉතාලියේ ලාංකිකයන්ට වීසා විධිමත් කර ගැනීමට විදේශ අමාත්‍යාංශයේ සහය

ජූනි 15, 2020

    ඉතාලි රජය ලබා දී ඇති විශේෂ වීසා පොදු සමා කාලයට යටත් වන එරට ශ්‍රී ලාංකිකයන්ගේ වීසා විධිමත් කර ගැනීමට විදේශ අමාත්‍යාංශය සහය ලබා දෙයි.

    මේ සඳහා ශ්‍රී ලාංකිකයන් දස දහසකට පමණ රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ මිලාන්හි කොන්සල් ජනරාල් කාර්යාලය විශේෂ සේවාවන් අරඹා තිබේ. ඉතාලි රජය විදේශිකයන් සඳහා සැනටෝරියා 2020 යන නමින් වීසා සහන වැඩපිළිවෙළක් ආරම්භ කළේය. කොවිඩ් 19 ගෝලීය වසංගත තත්වය මත ඇති වූ අවිනිශ්චිතතාවන් පදනම් කර ගනිමින් එරට සංක්‍රමණික කටයුතු යළි විධිමත් කිරීම මෙහි අරමුණයි. ඒ අරමුණෙන් මේ මස පළමු වැනිදා සිට ලබන මස 15 වැනිදා දක්වා සහන කාලයක් ප්‍රකාශිතයි.

    එම කාල සීමාව තුළ සිය වීසා විධිමත් කිරීමට අපේක්ෂිත ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය කන්සියුලර් සේවාවන් කඩිනමින් ලබා දීමට මෙරට තානාපති හා කොන්සල් කාර්යාල සේවාවන් කඩිනමින් ලබා දීමට මෙරට තානාපති හා කොන්සල් කාර්යාල ක්‍රියාකාරමින් සිටින බවයි, විදේශ සේවා අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

    විදේශ ගමන් බලපත්‍ර ඉල්ලුම් කිරීම ඇතුළු සේවාවන් සඳහා අන්තර්ජාලගත සේවාවක් තුළින් රෝමයේ තානාපති කාර්යාලය හා මිලාන්හි කොන්සල් ජනරාල් කාර්යාලය සම්බන්ධ කර ගැනීමට හැකියාව ලැබේ. සිසිලි දූපතේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් උදෙසා ඊයේ විශේෂ ජංගම සේවාවක් ද ක්‍රියාත්මක කෙරිණ. විදෙස් ගමන් බලපත්‍ර ඇතුළු අවශ්‍ය සේවාවන් සඳහා අයඳුම්පත් මේ මස 30 වැනිදාට පෙර යොමු කරන ලෙසයි, විදේශ සේවා අමාත්‍යාංශය ඉතාලියේ ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ.

    Last modified on සදුදා, 15 ජූනි 2020 12:43

    Latest News