රියදුරුට මරු කැඳවමින් මහනුවර අනතුරක්

ජූනි 15, 2020

    මහනුවර දී අද අලුයම ලොරි රථයක් අනතුරකට ලක් වීමෙන් එහි රියදුරු මියගොස් තිබේ.

    අප වාර්තාකරු සඳහන් කළේ, තුවාල ලැබූ රිය සහයකයා මහනුවර මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි.

    අනතුර සිදුව ඇත්තේ, අලුයම 4.10ට පමණ. බරිගම සිට බියගම දක්වා ධාවනය කෙරෙමින් තිබූ ලොරි රථයක්, මහනුවර,පුෂ්පදාන කන්ද පාරේ ගමන් කරමින් තිබියදී, ඒ අසළ පිහිටි මහනුවර ප්‍රධාන පොලිස් ස්ථානයේ තාප්පයේ ගැටී තිබේ. අනතුරින් ජීවිතක්ෂයට පත් රියදුරු කටුගස්තොට පදිංචි 58 හැවිරිදි අයෙක්.

    Latest News