සොයිසාපුර වෙඩි තැබීමේ මෝටර්රථයේ රියදුරු අත්අඩංගුවට

ජූනි 15, 2020

    ගල්කිස්ස සොයිසාපුර ප්‍රදේශයේ හෝටලයකට වෙඩි තැබීමේ සිද්ධියේ මෝටර් රථය පැදවූ රියදුරා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.

    ඔහු බුත්තල ප්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ අලුයම 4.15 ට පමණ .

    ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිළධාරීන් පිරිසක් මෙහෙයුම සිදු කර තිබෙනවා. ඔහු අවුරුදු 32 ක් වයසැති මොරටුව, මොරටුමුල්ල ප්‍රදේශයේ පදිංචි අයෙක්. සැකකරැ සැඟව සිටි නිවසේ තිබී වෙඩි තැබීමේ සිද්ධියට යොදා ගත් ටී 56 ගිනිඅවිය සහ ප්‍රහාරය සිදු කිරීමෙන් පසු ඔහු පලාගිය ත්‍රීරෝද රථය ද සොයාගෙන තිබෙනවා. පොලිස් මූලස්ථානය පවසන්නේ, සැකකරැගේ ප්‍රකාශ හා මඟපෙන්වීම මත මොරටුව ප්‍රදේශයේ නිවසක පිටුපස වලදමා තිබූ ටී 56 සජීව පතරොම් දෙකක් හා විදෙස් රටක නිෂ්පාදිත සජීව අත් බෝම්බයක්ද සොයා ගත් බවයි. ගල්කිස්ස පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

    Last modified on සදුදා, 15 ජූනි 2020 13:08

    Latest News