තැපැල් මගින් ඖෂධ බෙදීම අද සිට නවතී

ජූනි 15, 2020

    තැපැල් දෙපාර්තමේන්තුව විසින් සිදුකළ ඖෂධ බෙදා හැරිමේ කටයුතු අද (15) දිනයේ සිට නතර කරනු ලබන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

    කොරෝනා වසංගත තත්වය හමුවේ ජනාධිපති කාර්යය සාධක බලකායේ දැනුම්දීම මත රජයේ රෝහල්වල සායනික ඖෂධ සහ රජයේ ඔසුසල් වෙතින් ඇණවුම් කරන ලද ඖෂධ හිමිකරුවන් වෙත ලබාදිමේ කටයුතු තැපැල් දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලැබීය.

    නිවේදනයක් නිකුත් කරමින් තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේ සෞඛ්‍ය අංශයේ ද එකඟතාව මත මෙම පියවර ගත් බවයි.

    Latest News