සුවය ලැබු සමස්ත නාවික සාමාජිකයින් ගණන 712ක්

ජූනි 15, 2020

    කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි නාවික හමුදා සාමාජිකයින් 712ක් අද (15) වන විට පූර්ණ සුවය ලබා ඇතැයි නාවික හමුදාව පවසයි.

    මෙම නාවික පුද්ගලයින් සියලු දෙනාම කොවිඩ් - 19 වෛරසය ආසාධනය වීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා රෝහල් වෙත යොමු කර සිටි අයයි.

    තවත් නාවිකයින් 172 ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.

    රෝහල් වෙතින් පිටත්ව ගියද මෙම සියලූම නාවික පුද්ගලයින් සෞඛ්‍ය උපදෙස් මත තවදුරටත් දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කිරීමට නාවික හමුදාව කටයුතු යොදා තිබේ.

    Last modified on සදුදා, 15 ජූනි 2020 10:47

    Latest News