කොළඹට පැය 15ක ජල කප්පාදුවක්

ජූනි 14, 2020

    කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (14) පැය 15ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරයි.

    හෙට (14) පෙරවරු 9.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා කොළඹ 02, 03, 07, 08 සහ 10 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති බව එම මණ්ඩලය පවසයි.

    මීට අමතරව අදාළ කාලය තුළ කොළඹ 01 ප්‍රදේශයට ද අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට නියමිතයි.

    කොළඹ නගර සංවර්ධන ව්‍යාපෘතියට අදාළව ජල නල පද්ධතිය වැඩිදියුණු කිරීම හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදුව ඇති බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් පවසයි.

    Last modified on ඉරිදා, 14 ජූනි 2020 10:05

    Latest News