අමෙරිකාවේ උද්ඝෝෂණ තරමක් නිවෙයි

ජූනි 08, 2020

    ජෝර්ජ් ෆ්ලොයිඩ් නමැති නිරායුධ කළු ජාතිකයා සුදු ජාතික පොලිස් නිලධාරියෙකු අතින් ඝාතනය වීමත් සමග අමෙරිකාව පුරා ඇතිවූ දැවැන්ත විරෝධතා මාලාව අද තෙවැනි සතියට එළැඹියා.

    පෙර පැවති තත්වයට වඩා අමෙරිකාවේ විරෝධතා මේ වන විට සැලකිය යුතු මට්ටමකට පාලනය වී ඇති බව විදෙස් වාර්තාවල සදහන්. ඊයේ දිනය වන විට අමෙරිකාවේ වොෂින්ටන් ඩී සී නුවර විරෝධතාකරුවන්ගෙන් පිරී ගොස් තිබිණ. වොෂිංටන් ඇතුළු අමෙරිකාවේ නගර රැසක ක්‍රියාත්මක වූ විරෝධතා මේ වන විට තරමක සාමකාමී ස්වභාවයක් ගෙන තිබේ.
    විදෙස් වාර්තා සඳහන් කරන්නේ, ඒ අනූව විරෝධතා මැඩලීමට පනවා තිබූ ආරක්ෂක පියවර ලිහිල් කිරීමට ජනාධිපති ට්‍රම්ප් තීරණය කර ඇති බවයි. වොෂින්ටන් නගරයට කැඳවා තිබූ ජාතික ආරක්ෂක බලකාය ඉවත් කිරීමට ජනාධිපතිවරයා නියෝග කර ඇති බව ද වාර්තා වෙයි.

    Last modified on සදුදා, 08 ජූනි 2020 12:24

    Latest News