මහින්ද රාජපක්‍ෂ 50වසක විප්ලවීය ගමන්මග (වීඩියෝ)

ජූනි 06, 2020
  • ශ්‍රී ලංකාවේ පස්වැනි විධායක ජනාධිපති සහ වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ දේශපාලන දිවියට වසර 50ක් සපිරේ.

    එතුමන්ගේ විප්ලවීය ගමන් මඟ පිළිබඳව කෙටි සටහනක් මේ.

    පොදුජන පන්තිය නියෝජනය කරමින් මෙරට රාජ්‍ය නායකත්වයට පත් දේශපාලඥයින් දක්නට ලැබෙන්නේ කලාතුරකින්. එවන් නායකයින් ජනතා හදවත් තුළ සදාතනික ස්ථානයක් හිමිකර ගනී. මහින්ද රාජපක්‍ෂ මහතාටත් ජනතා හදවත් තුළ හිමිව ඇත්තේ එවන් ස්ථානයක්. සිරබත් කමින්, වීථි සටන් කරමින් හා අන්තර් ජාතික සංවිධාන වෙත යමින් ජනතාවට සාධාරණය ඉටු කරන්නට ඔහු වෙහෙස මහන්සි විය. ත්‍රස්තවාදයෙන් ජනතාව බැට කන විට දුක බෙදා ගන්නට කැබිතිගොල්ලෑවට යාමට රාජපක්‍ෂ මහතා පැකිලුණේ නැත. ඔහු සෑම විටම ජනතාවට ලෙන්ගතු නායකයෙක් විය. 2015 ජනවාරි 08 වැනිදා පැවති ජනාධිපතිවරණයෙන් අනතුරුව, සිය ගම් පියසට යනවිට දහස් ගණන් ජනතාව ඔහු පිටුපස පැමිණියේය. ඒ දශක 04කට අධික කාලයක් තිස්සේ ජනතාවට ලබාදුන් ලෙන්ගතු නායකත්වය හේතුවෙන්. 2015-2019 යුගයේ දී මහින්ද රාජපක්‍ෂ මහතාට හිමිවූයේ මැතිවරණයකින් පරාජිත නායකයෙකුට කිසිදා හිමිනොවූ තරම් ජනතා ප්‍රසාදයක්. අඩසියවසකට අධික කාලයක් ජනතා හදවත් ලෙන්ගතුකමින් ආමන්ත්‍රණය කළ මහින්ද රාජපක්‍ෂ මහතාට ලාංකිය දේශපාලන වංශ කතාවේ නොමැකෙන ස්ථානයක් හිමිවනු ඇත.

    Last modified on සෙනසුරාදා, 06 ජූනි 2020 19:40

    Latest News