බදුල්ල, මඩොල්සීම ගැරඩිඇල්ලේ දියනෑමට ගොස් 3ක් මරුට

ජූනි 06, 2020

    බදුල්ල, මඩොල්සීම පොලිස් වසමට අයත් මැදවලගම, ගැරඩිඇල්ලේ දියනෑමට ගිය තිදෙනෙකු දියේ ගිලී මිය ගොස් ඇති බව වාර්තාවේ.

    අනතුර සිදුවුණේ, අද උදේ. මියගොස් ඇත්තේ, පියා, දියණිය සහ ඥාති දියණියක්. සිද්ධියෙන් තවත් දරුවන් 2ක් දිවි බේරාගෙන තිබේ. ගැරඬි ඇල්ලෙහි වතුර වැටෙන ස්ථානයේ අඩි 12ක පමණ ගැඹුරු වළක ගිලී, මොවුන් මියගොස් ඇත. පැය දෙකකට පසු ප්‍ර දේශවාසීන්ගේ ද සහය ඇතිව ඔවුන්ගේ සිරුරු ගොඩ ගැනින. ප්‍රදේශවාසීන් පවසන්නේ, එම ස්ථානය දිය නෑමට සුදුසු ස්ථානයක් නොවන බවයි. මෙම ස්ථානයට ගමන් කිරීම ඉතා දුෂ්කර බව ප්‍රදේශවාසීන් පවසයි. මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිකරුවන්. පශ්චාත් මරණ පරීක්‍ෂණය, පස්සර හදිසි මරණ පරීක්‍ෂක ඩී.එම්.දිසානායකක මහතා විසින් අද සවස සිදු කරනු ලැබීය.

    Latest News