මාතලේ මහවෙල විදුලි සැර වැදී 2ක් මරුට

ජූනි 06, 2020

    මාතලේ මහවෙල පොලිස් වසමේ මඩඋල්පත හතමුනගාල ප්‍රදේශයේදී විදුලි සැර වැදීමෙන් තවත් දෙදෙනෙකු අද උදෑසන මියගොස් තිබේ.

    නවතා තිබූ ලොරි රථයකට අධි ධාරිතාවයෙන් යුතු විදුලි රැහැනක් කඩා වැටීමෙන් අනතුර සිදුවිය. එම අවස්ථාවේ ලොරි රථයේ තිදෙනෙකු සිටි අතර, එක් අයෙකු ඉන් ඉවතට පැන දිවි බේරාගෙන තිබේ. මියගොස් ඇත්තේ අවුරුදු 23 හා 27 වයස්වල පසුවන මහවෙල, සැලගම ප්‍රදේශයේ පදිංචිකරුවන්.

    Latest News