තංගල්ල මූලික රෝහලේ හෘද දැඩි සත්කාර ඒකකය ජනතා අයිතියට (වීඩියෝ)

ජූනි 06, 2020
  • තංගල්ල මූලික රෝහලේ හෘද දැඩි සත්කාර ඒකකය ඇතුළු වාට්ටු සංකීර්ණය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද ජනතා අයිතියට පත් කෙරුණා.

    ඊටය වැය කළ මුදල රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයක්.

    විවෘත කිරීමේ අවස්ථාවට අමාත්‍ය චමල්‌ රාජපක්ෂ මහතා ද එක්ව සිටියා. තංගල්ල මූලික රෝහලට හෘද දැඩි සත්කාර ඒකකයක් දීර්ඝ කලක සිට අවශ්‍යව තිබුණා. එම නිසා එම වාට්ටු සංකීර්ණය ඉදිකිරීම්‌ සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා විසින්‌ රෝහලට යාබදව පිහිටා තිබූ දැනට එම ස්ථානයෙන්‌ ඉවත්‌ කර ඇති තංගල්ල බන්ධනගාරයේ ගොඩනැගිල්ලක්‌ ඒ සඳහා ලබා දුන්නා මෙම ගොඩනැගිල්ල වාට්ටු සංකීර්ණයක්‌ ලෙස සකස්‌ කිරීම ආරම්භ කෙරුණේ, පසුගිය අප්‍රේල්‌ දෙවැනි දිනයි. ප්‍රදේශයේ දානපතියන්ගේ මුල්‍ය පරිත්‍යාග ඇතුළව මාස දෙකක්‌ වැනි කෙටි කලක්‌ තුළ අංග සම්පූර්ණ හෘද දැඩි සත්කාර ඒකකයකින් සමන්විතව මෙය ඉදිකෙරුණා. මේ සඳහා මූලිකත්වය ගෙන ක්‍රියා කළේ, තංගල්ල රුහුණු කරලිය සංවිධානයයි.

    Last modified on සෙනසුරාදා, 06 ජූනි 2020 20:02

    Latest News