කුඩාවැල්ලේ වෙඩි තැබීමට සැකපිට අයෙක් අත්අඩංගුවට

ජන 19, 2019

    පසුගිය දෙසැම්බර් 25 වැනිදා තංගල්ල, කුඩාවැල්ල ධීවර වරායේ දී වෙඩි තබා සිව් දෙනෙකු ඝාතනයේ සැකකරුවෙකු පිස්තෝලයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

    වෙඩිතැබීමෙන් පුද්ගලයින් 4ක් ජීවිතක්ෂයට පත්වී තවත් පුද්ගලයින් 8කට තුවාල සිදු විය.

    පොලිස්පතිතුමාගේ උපදෙස් මත පොලිස් කණ්ඩායම් 10ක් ඒ සම්බන්ධව විමර්ශන සිදු කළ බව පොලිස් මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

    ඒ අනුව තංගල්ල අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අද උදෑසන මෙම සැකකරු අත්අඩංගවට ගෙන ඇත. අත්අඩංගුවට පත්වූ සැකකරු වයස අවුරුදු 33ක් වූ බෙලිඅත්ත පොලිස් වසමේ ලිපිනය ඇති රෝහිත කුමුදු කුමාර නමැති පුද්ගලයෙකි. ඔහු සන්තකයේ තිබී මිලිමීටර් 9 වර්ගයේ ස්වංක්‍රීය පිස්තෝලයක් හා සජීව පතුරම් 8ක් සොයාගත් බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වේ.

    සැකකරු තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කොට රැඳවුම් නියෝග ලබාගැනීමට අපේක්ෂිත අතර අනෙක් සැකකරුවන් සොයා තවදුරටත් විමර්ශන සිදුකෙරේ.

    Latest News