තන්තිරිමලේ පුරාණ මහානාගතොට විහාරස්ථානය පිරිසකර කෙරේ

ජූනි 06, 2020

    වසර 200කට අධික කාලයක්‌ වන ගතව පැවති තන්තිරිමලේ පුරාණ මහානාගතොට විහාරස්ථානය පිරිසකර කිරීම ආරම්භ වී තිබේ.

    පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අනුමැතිය යටතේ තන්තිරිමලේ රාජමහා විහාරාධිපති පූප්‍ය, තන්තිරිමලේ චන්දරතන ස්වාමීන්‌ වහන්සේගේ අනුශාසකත්වයෙන්‌ එය සිදු කෙරේ.

    පුරාණ මහානාගතොට විහාරස්ථානය, තන්තිරිමලේ රාජමහා විහාරයට අනුබද්ධවයි, පවතින්නේ. තන්තිරිමලේ පුදබිමට කිලෝමීටර කිහිපයක්‌ උතුරට වන්නට පිහිටි මෙම පුද බිම මල්වතු ඔය ආසන්නයේ පිහිටා තිබේ. කලක්‌ එය ජන සමාජයෙන්‌ දුරස්ථව පැවතිණි. දේවානම්පියතිස්ස රජුයේ සෙනවියෙකු වූ මහානාග විසින්‌ මෙම විහාරස්ථානය ඉදිකරවා ශාසනයට පුජා කරනු ලැබූ බව සදහන්‌. මෙම පුද බිමෙහි ගල් කණු, ගල් ගුහා, ගල් පඩි, චෛත්‍ය ඇතුළු පුරා විද්‍යා ස්මාරක රැසක් පවතියි. පුද බිමට අක්කර 25ක වපසරියක ව්‍යාප්තයි. එය පිරිසකර කිරීමට ගම්වාසීන්ගේ සහය ද ලැබී තිබේ. පුදබිමේ තාවකාලිකව විහාරවාසී හිමිනමක් වැඩවාසය කරන අතර, උන්වහන්සේට අවාසගෙයක් ඉදි කිරීමට ද පියවර ගෙන තිබේ. සිද්ධස්ථානය, නුදුරේ දී සැදැහැවතුන් සඳහා වන්දනාමාන කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව පූජ්‍ය තන්තිරිමලේ චන්දරතන හිමියන සඳහන් කරයි.

    Latest News