ජ'පුර සහ ඔක්ස්‍ෆර්ඩ් එක්ව කොවිඩ්19 සඳහා එන්නතකට‌ පර්යේෂණ

ජූනි 06, 2020

    කොරෝනා වෛරසය මැඩපැවැත්වීමට එන්නතක්‌ නිපදවීමේ පර්යේෂණ සඳහා මෙරටට සහය දැක්වීමට බ්‍රිතාන්‍ය ඉදිරිපත්‌ වී තිබේ.

    ඒ සඳහා රුපියල්‌ කෝටියක මුදලක්‌ ලබාදෙන බවයි මෙරට බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය ඊයේ නිවේදනය කළේ.

    පරීක්ෂණය සිදු කරන්නේ, බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ලංකාවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය එක්වයි. බ්‍රිතාන්‍යයේ මුලිකත්වයෙන්‌ පසුගියදා පැවති ගෝලීය එන්නත්‌ සමුළුවට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා ද එක්වුණා. අන්තර්ජාලය භාවිත කරමින්‌ පැවති සමුළුවට ජනාධිපතිතුමා සහභාගීවීම සම්බන්ධයෙන්‌ බ්‍රිතාන්‍ය මහකොමසාරිස්‌ සාරා හල්ටන් මහත්මිය එතුමාට ස්තූතිය පළකළා.

    Latest News