සමගි ජනබලවේගයෙන් නාම යෝජනා බාරදුන් ​UNP 99ගේ සාමාජිකත්වය අත්හිටුවයි (වීඩියෝ)

මැයි 29, 2020
  • ඉදිරි මහ මැතිවරණයට සමගි ජනබලවේගය යටතේ නාම යෝජනා බාරදුන් සාමාජිකයින් 99 දෙනෙකුගේ සාමාජිකත්වය අත්හිටුවීමට එක්සත් ජාතික පක්‍ෂය තීරණය කර තිබේ.

    ඒ සඳහා අද පැවති එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ද අනුමැතිය හිමිවූ බව වාර්තාවේ. කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ දී අද පැවැත්විණ. ඒ, පක්‍ෂ යේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙහිදී වෙනත් පක්‍ෂයකින් නාම යෝජනා බාරදුන් පිරිසගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට අමතරව තවත් තීන්දු තීරණ රැසකට එළඹ ඇති බව වාර්තාවේ.

    එහිදී අදහස් දැක්වූ වජිර අබේවර්ධන මහතා...

    “යම්කිසි පිරිසක් එ.ජා.ප. පෝෂණය නොකර, වෙනත් දේශපාලන පක්‍ෂයක් පෝෂණය කරනවානම් ඒ අයගේ සාමාජිකත්වය තහනම් කළා. කොහොමත්, ඒ අයගේ තනතුරු දෙසැම්බර් 31 වෙනිදා වෙනකොට අහෝසි වෙනවා“

    Last modified on සිකුරාදා, 29 මැයි 2020 19:28

    Latest News