රාජිත හා හරීන්ගෙන් CIDය පැය 3ක් ප්‍රශ්න කරයි

මැයි 28, 2020

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අද කොළඹ අපරාධ කොට්ඨාසය වෙත කැඳවා තිබිණ. ඒ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතාගේ වීඩියෝ පටයක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහායි.

    පාසල් ළමුන්ට කොරෝනා වෛරසය වැළඳී ඇති බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විමර්ශනයක් ආරම්භ කර තිබේ. ඒ පිළිබඳ ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට, විමර්ශන නිලධාරීන් පිරිසක් මීගමුව, දළුපොත තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයට අද පැමිණියේය. එහිදී රාජිත සේනාරත්න මහතාගෙන් පැය 3ක පමණ කාලයක් ප්‍රශ්න කර ඇති බවයි, අප වාර්තාකරු සඳහන් කළේ.

    Latest News