අඩුවූ බස් ගාස්තුවේ වාසිය අද සිට ජනතාවට

දෙසැ 27, 2018

    ශ්‍රී ලංගම, පෞද්ගලික, සුඛෝපභෝගී හා අධිවේගී මාර්ගවල අඩුවූ බස් ගාස්තුව අද සිට ක්‍රියාත්මකයි.

    ඉන්ධන මිල පහළ දැමීමට සාපේක්ෂව මෙම බස් ගාස්තු අඩු කර තිබේ. බස් සංගම් සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ එකඟතාව මත බස් ගාස්තු 4.2%ක අගයකින් පහත දැමිණ. අවම බස් ගාස්තුව වන රුපියල් 12 එලෙසම පවතිනු ඇති. රුපියල් 15 සිට 29 දක්වා පැවති ගාස්තුව රුපියල බැගින් අඩුවේ. රුපියල් 34 ගාස්තුව රුපියල් 32 දක්වා අඩුවේ. රුපියල් 38 ගාස්තුව අඩුවන්නේ රුපියලකිනි. රුපියල් 41 සිට රුපියල් 52 දක්වා රුපියල් 02කින් අඩු කිරීමට තීරණය කර තිබේ.

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ නව ගාස්තුව ද ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනූව මහරගම සිට ගාල්ල දක්වා රුපියල් 440ක්ද, මහරගම සිට මාතර දක්වා රුපියල් 550ක්ද, කඩුවෙල සිට මාතර දක්වා රුපියල් 570ක්ද, කළෙඹ සිට තංගල්ල දක්වා රුපියල් 720ක්ද ලෙස සංශෝධනය කර ඇත.

    එමෙන්ම, මාතර සිට මීගමුව දක්වා රුපියල් 740ක් ලෙසත්, කොළඹ සිට ගාල්ල දක්වා රුපියල් 500ක් ලෙසත් බස් ගාස්තු අඩු කර තිබේ. ත්‍රීරෝද රථ ගාස්තුව ද අද සිට රුපියල් 10කින් අඩු කිරීමට තීරණය කර ඇත.

     

    Last modified on බ්‍රහස්පතින්දා, 27 දෙසැම්බර් 2018 09:48

    Latest News