update - ලක්ෂ 720ක් වංචාකළ මන්ත්‍රීට ඇප

දෙසැ 27, 2018

    update

    රුපියල් ලක්ෂ 720ක අඟරු චෙක්පත් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බස්නාහිර පලාත් සභා මන්ත්‍රී ෂම්මුගනාදන් කුහවර්දන් මහතාට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද ඇප ලබා දී තිබේ.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය වෙත ඉදිරිපත් කරනු ලැබිණ.  අගතියට පත් පාර්ශවය සහ විත්ති පාර්ශවයේ එකඟතාවය මත රුපියල් ලක්ෂ 575ක මුදලක් අගතියට පත් පාර්ශවයට නැවත ලබාදීමට එකඟවී තිබේ.  ඒ අනූව, බස්නාහිර පලාත් සභා මන්ත්‍රී ෂම්මුගනාදන් කුහවර්දන් යන අය රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප 3ක් මත ඇප ලබාදීමට නියෝග කෙරිණ.  විදෙස් ගමන් තහනමක් පැනවූ අතර ගමන් බලපත්‍රය ද අධිකරණ භාරයට ගැනිණ.  මාර්තු 29 වැනිදා නඩුව නැවත කැඳවීමට නියමිතයි.

    2018.12.27 (පෙ.ව7.10)

    බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙකු වන 42 හැවිරිදි ෂම්මුගනාදන් කුහවර්දන් නමැති අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ අඟරු වු චෙක් පත් ලබාදී රුපියල් ලක්ෂ 720ක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්. සැකකරු අද දින (27) ගල්කිස්ස අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 27 දෙසැම්බර් 2018 16:02

    Latest News