උතුරේ ජනතාව වෙනුවෙන් නාවික හමුදාව සීරුවෙන්

දෙසැ 27, 2018

    උතුර පළාතේ කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත්‍රික්කවලට බලපා ඇති අයහපත් කාලගුණික තත්වයෙන් විපතට පත් ජනතාව මුදා ගැනීම සඳහා නාවික හමුදාව සහන සැලසීමේ කටයුතුවල නිරතව සිටී.

    මේ වන විට තොණ්ඩමන්ආරු, මාන්කුලම්, කොට්ටඅඩි ඇතුළු රැසක නාවික සහන කණ්ඩායම් ඒ සඳහා අනියුක්ත කර තිබේ. නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන ආපදා ප්‍රතිචාර මධ්‍යස්ථානය මගින් ක්ෂණික අවශ්‍යතාවක දී භාවිතයට ගත හැකි ලෙස ජංගම මුළුතැන්ගෙවල් ආහාර පිසීමේ උපකරණ, ආහාර උණුසුම් කිරීමේ උපකරණ, ජල පොම්ප, කූඩාරම් සහ ජංගම වැසිකිලි මෙන්ම ජංගම ප්‍රතිආශ්‍රැත යන්ත්‍ර ආදී උපකරණ කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ මේ වන විට ස්ථාපිත කර ඇත. එමගින් එම ප්‍රදේශවල අවතැන් ජනතාව සඳහා ආහාර පාන ඇතුළු සනීපාරක්ෂක මෙන්ම අත්‍යවශ්‍ය පහසුකම් සළසා දීමට ද කටයුතු කරමින් සිටී. තවද, ගංවතුර පැවති ප්‍රදේශයන්හි පානීය ජල ළිං පිරිසිදු කිරීමට ද නාවික හමුදාවේ සහන කණ්ඩායම් ක්‍රියා කරති.

    එම ප්‍රදේශයන් වෙත නාවික හමුදා වෛද්‍ය කණ්ඩායම් යොදා තිබේ. රටට පැමිණෙන ඕනෑම ව්‍යසනයක දී නාවික හමුදාව පෙරට පැමිණ නිරන්තරයෙන් සහන සැලසීමට කටයුතු කරන බව, ඔවුහු පවසති.

    7

    4

    6

    1

    2

    Latest News